අයිස්ලන්ත ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි අයිස්ලන්ත ජනපතිවරයා මෙම පණිවුඩය මඟින් පෙන්වා දී ඇත්තේ.

අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සබඳතාවක් භුක්ති විඳින බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන් ඉහළ නැංවිම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්විඳිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

උද්ධමනය අයිස්ලන්තය ද ඉතා හොඳින් හඳුනාගෙන ඇති පොදු ගැටලුවක් බව සඳහන් කර ඇති අයිස්ලන්ත ජනාධිපතිවරයා මෑත කාලීන වසංගත සහ පාරිසරික තර්ජන වැනි ගැටළු වලදී සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?