අයිස්ලන්ත ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි අයිස්ලන්ත ජනපතිවරයා මෙම පණිවුඩය මඟින් පෙන්වා දී ඇත්තේ.

අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සබඳතාවක් භුක්ති විඳින බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන් ඉහළ නැංවිම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්විඳිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

උද්ධමනය අයිස්ලන්තය ද ඉතා හොඳින් හඳුනාගෙන ඇති පොදු ගැටලුවක් බව සඳහන් කර ඇති අයිස්ලන්ත ජනාධිපතිවරයා මෑත කාලීන වසංගත සහ පාරිසරික තර්ජන වැනි ගැටළු වලදී සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27