අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමිවීම් 22ක් – බදුල්ලේ සහ මහනුවර 11ක් අතුරුදන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 22ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඉන් වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා අද (27) උදෑසන වනවිට වාර්තාවන මරණ සංඛ්‍යාව 11ක් බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන සඳහන් කළේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගල අතුරුදන්වීම් 07ක් වාර්තා වනවා අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට හා උඩුදුම්බර ප්‍රදේශවලින් පුද්ගල අතුරුදන්වීම් 04ක් වාර්තා වනවා බවයි තොරතුරු වාර්තා වුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර අද (27) උදෑසන 6.00 වනවිට අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 03කට පූර්ණ හානි සහ නිවාස 381කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26