AFC Banner
Empty Ad
Empty Ad

අයවැය හිඟය 63.8%කින් පහළ ගිහින් – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 05 තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කළ 2018 වසරේ දී රුපියල් බිලියන 923ක් වූ සමස්ත ආදායමෙන් බිලියන 204ක් හෙවත් 22%ක් රථවාහන ආනයනයට ලබාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

2019 වසරේ සමස්ත ආදායමෙන් 16%ක් හෙවත් රුපියල් බිලියන 130ක් රථවාහන ආනයනයට වියදම්කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?