අයවැයට පක්ෂව වුණේ වතු ජනතාවට හොඳක් වෙන නිසා – මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන් කියයි

2026 අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව දමිළ ප්‍රගතිශීලි සන්ධානය ලෙස මහජනතාවගේ සහ වතුකම්කරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඡන්දය ප්‍රකාශ කළ බවත් වත්මන් රජය පොරොන්දු වූ පරිද්දෙන් එම වැටුප් වැඩි කිරීම සිදු නොකළ හොත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කම්කරු ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක වේළුසාමී රාධාක්‍රිෂ්ණන් පවසා සිටියා.

අද (15) නුවරඑළිය සිය කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බවව සඳහන් කළා.

වැඩිදුර අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද සමගි ජන බලවේගය සමඟ කිසිදු තරහක් නොමැති බවත් දේශපාලන ඉදිරි ගමන සමගි ජන බලවේගය සමඟම පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !