AFC Banner
AFC Banner
Empty Ad

චමරිගේ ඔටුන්න අනුෂ්කාගේ හිස මතට

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත් ව යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට ටික වේලාවකට (06) පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත් ව ගොස් තිබෙනවා.

ඔවුන් අද රාත්‍රියේ දී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් ව යන බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලිය සඳහා නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ ඇය Women’s Hundred තරගාවලිය සඳහා එක් වීම හේතුවෙන්.

චමරි වෙනුවට මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින්නිය ලෙස කටයුතු කරන අනුෂ්කා සංජීවනී හට හිමිව තිබෙනවා.

චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ කෞෂිනි නෘත්‍යාංගනායි.

ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ව සිටින්නේ මුල් පෙළ පිතිකාරිණියක් ලෙස.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ ; විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධිනී, කාව්‍යා කාවින්දි, අචිනි කුලසූරිය, සචිනි නිසංසලා, සෂිනි ගිම්හානි, අමා කාංචනා සහ කෞෂිනි නෘත්‍යාංගනා යි.

දෙරට අතර පළමු ව තරග 02කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් පැවැත්වෙන අතර එහි පළමු තරගය එළඹෙන 11 වැනිදා ආරම්භ වනවා.

එක්දින තරගාවලිය ඇරඹෙන්නේ අගෝස්තු 16 බෙල්ෆාස්ට් හිදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
8
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?