AFC Banner
Empty Ad
Empty Ad

අයර්ලන්තයට ඉතිහාසගත 20-20 ජයක්

විස්සයි විස්ස තරගයක දී පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරන්නට අයර්ලන්තයට ඊයේ (29) හැකියාව ලැබුණා.

අබුඩාබිහිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව පරාජය කරමින් අයර්ලන්තය ජය ගත්තේ ලකුණු දහයකින්.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට එකක් ලෙස සම කරන්නට ද අයර්ලන්තයට හැකියාව ලැබුණා.

තරගයේ පළමුවට පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හයකට ලකුණු 195ක් රැස් කළා.

එහිදී රොස් ඇඩෙයාර් පන්දු 58ක් තුල වේගවත් ශතකයක් රැස් කරමින් ජගත් 20-20 පිටියේ ශතකයක් රැස්කළ තුන්වන අයර්ලන්තය පිතිකරුවා බවට පත් වුණා.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් නායක පෝල් ස්ටර්ලින් ලකුණු 52ක් රැස් කළේ පන්දු 31කට මුහුණ දෙමින්.

අනතුරුව ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 185ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් සහ මැතිව් බ්‍රීට්ස්කේ දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක රැස්කළත් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

මාර්ක් ඇඩෙයාර් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 04ක් බිඳ දමමින් අයර්ලන්ත ජයග්‍රහණයට මඟ සකසා දුන් අතර, ග්රැහැම් හියුම් කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 10කින් ජයගෙන අයර්ලන්ත විස්සයි විස්ස පිටියේ පළමුවරට දකුණු අප්‍රිකාව පරාජය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?