අඹු – සැමි යුවලක් ගල්වලින් ගසා ඝාතනය කෙරේ

නිවසක ජීවත් වූ අඹු – සැමි යුවලක් ඝාතනය කර තිබියදී එම මළසිරුරු අද (30) පේදුරුතුඩුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මරණකරු සහ මරණකාරිය කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඝාතනය වී ඇත්තේ කොන්ක්‍රීට් ගල් උපයෝගී කරගනිමින් බවයි සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

මියගිය මරණකරුගේ (සැමියා) මිත්‍රයෙකු දුන් දූරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීම මත අදාළ මිතුරා සිය මිතුරාගේ (මරණකරුගේ) නිවසට පැමිණ තිබෙනවා.

එසේ පැමිණි මිතුරාට දැක ගැනීමට ලැබී ඇත්තේ සිය මිත්‍රයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වී ඇති බවයි.

පසුව ඔහු විසින් අදාළ සිදුවීම ප්‍රදේශවාසීන් වෙත පවසා කඩිනමින් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පේදුරුතුඩුව මහෙස්ත්‍රාත්වරයා පැමිණ මරණ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්; අදාළ ඝාතනයට යොදාගත්තා යැයි සැක කෙරෙන කොන්ක්‍රීට් ගල් කිහිපයක් ම සිරුරු අසල තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසනවා.

මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මරණකරු පේදුරුතුඩුව රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කරන බව ද හෙළි ව තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 54 හැවිරිදි මාණික්කම් සුබ්‍රමිණියම් සහ ඔහුගේ බිරිඳ වූ 53 හැවිරිදි මේරි සුබ්‍රමණියම් යන අය යි.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
11
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?