අඹුසැමි යුවළට එල්ල වූ යුධ හමුදා සෙබළාගේ අලවංගු ප්‍රහාරයෙන් සැමියා මිය ගිහින් (ඡායාරූප)

යුධ හමුදා සෙබළෙක් විසින් අඹුසැමි යුවළකට අලවංගුවකින් කළ පහරදීමකින් සැමියා මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ඉඟුරුඔය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසන්න පාලිත අතපත්තු නැමති දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (08) පෙරවරුවේ මෙම පහරදීම සිදුකර ඇත්තේ නාවලපිටිය ඉඟුරුඔය කැඩුණු පාලම අසලදී බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකරු ඉඟුරුඔය අසල උණ බට කපමින් සිටි අවස්ථාවක ඒ අසළින් ගමන් ගත් අඹුසැමි යුවළ අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම දෙපාර්ශ්වය අතර කලක සිට පැවති ආරවුලක් මෙම බහින්බස්වීමට හේතු වී ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ පහර කෑමෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළ ප්‍රදේශවාසින් විසින් ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

එහිදී බරපතල තත්ත්වයේ පසු වූ සැමියා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලිසිය මේ වනවිටත් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

6
1 1
5
4
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33