spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඹුසැමි යුවළට එල්ල වූ යුධ හමුදා සෙබළාගේ අලවංගු ප්‍රහාරයෙන් සැමියා මිය ගිහින් (ඡායාරූප)

යුධ හමුදා සෙබළෙක් විසින් අඹුසැමි යුවළකට අලවංගුවකින් කළ පහරදීමකින් සැමියා මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ඉඟුරුඔය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසන්න පාලිත අතපත්තු නැමති දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (08) පෙරවරුවේ මෙම පහරදීම සිදුකර ඇත්තේ නාවලපිටිය ඉඟුරුඔය කැඩුණු පාලම අසලදී බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකරු ඉඟුරුඔය අසල උණ බට කපමින් සිටි අවස්ථාවක ඒ අසළින් ගමන් ගත් අඹුසැමි යුවළ අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම දෙපාර්ශ්වය අතර කලක සිට පැවති ආරවුලක් මෙම බහින්බස්වීමට හේතු වී ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ පහර කෑමෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළ ප්‍රදේශවාසින් විසින් ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

එහිදී බරපතල තත්ත්වයේ පසු වූ සැමියා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලිසිය මේ වනවිටත් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

6
1 1
5
4
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?