spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අඹුසැමි ජෝඩු දෙක සජීවී ලිංගික දර්ශන චීනෙට විකුණලා – සිව්දෙනාම අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කිරීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි ජෝඩු දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් එම සජීවී දර්ශන යොමු කිරීම මඟින් මහා පරිමාණයෙන් මුදල් උපයා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් 22,23,26,27 යන වයස්වල පසුවන බවයි වාර්තා වුණේ.

පිළියන්දල, බටකැත්තර, කෝංගහවත්ත පාර දෙවන පටුමග ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු ,අයිස් කැප් මුහුණු ආවරණයක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදාගන්නා රබර් උපකරණයක් ,ආලෝක කරන ෆ්ලැෂරයක්, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් ද පොලිසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ දෙක කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
25
+1
236
+1
19
+1
19
+1
16
+1
37
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?