අමෙරිකාවේ බෘක්ලින් නුවර අවන්හලක වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට

අමෙරිකාවේ බෘක්ලින් නුවර අවන්හලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව බෘක්ලින් පොලිසිය පවසනවා.

එරට වේලාවෙන් ඊයේ (16) රාත්‍රියේ මෙම වෙදිතබිම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවන්හල වසා දැමීමට ආසන්නව තිබූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන් පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පිරිමින් අටදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සොයාගත් බවයි ඉන් පිරිමි පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?