අමෙරිකාවේ ඉගෙනීමට එන විදෙස් සිසුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් මත වීසා දෙන ට්‍රම්ප් පරිපාලනය

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සියලුම විදේශ සිසුන් සඳහා වීසා අනුමත කිරීමට පෙර ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් පිළිබඳ ව පරීක්ෂා කිරීම අනිවාර්යය කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් සකස් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්දියානු සිසුන් එකී තීන්දුව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

”සමාජ මාධ්‍ය පරීක්ෂාව” යනු එක්සත් ජනපදයට ඇතුළුවීමට ඔවුන්ගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් වීසා අයදුම්පත් පාඨමාලාවට ඇතුළත් කර ඇති ක්‍රියාවලියක්.

මෙම පරීක්ෂාව සිදු කිරීමේ දී භාජනය වන සමාජ මාධ්‍ය වන්නේ Facebook, X, LinkedIn සහ TikTok යනාදියයි.

ඉන්දියාව තුළ එක්සත් ජනපදයට වීසා සම්මුඛ පරීක්ෂණ එළැඹෙන්නට පෙර, එරට සිසුන් තමන් ඊට ප්‍රථම ව දේශපාලන විහිළු, අදහස් සහ ක්‍රියාකාරීත්වය වැරදි ලෙස අර්ථකථනය කළ හැකි බවට බියෙන් එම සටහන් මකා දමමින් පමණක් නොව, ඇතැමුන් ෆේස්බුක් ආදී ගිණුම්වලින් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම අත් හිටුවමින් කළ නියෝගය ඇතුළත් ප්‍රකාශයට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් දැනට සිටින සිසුන්ගේ ද ට්‍රම්ප් පරිපාලනයේ නිර්ණායක අනුව යමින්, වීසා අවලංගු කිරීමේ සූදානමක් ගැන ද ධවල මන්දිරයේ සාකච්ඡා පවතින බවයි.

පෙර වසරවල හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ අපරාධ ඉහළ සංඛ්‍යාවක් වාර්තා වීම මත ට්‍රම්ප් පරිපාලනය මෙම තීන්දුව ගෙන ඇති අතර, එය මාස 06ක කාලයක් සඳහා වලංගු වනු ඇති.

මූලාශ්‍ර – NDTV, BBC,CNN

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?