AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවට එරෙහිව උතුරු කොරියාවට සහාය දෙන බවට පුටින්ගෙන් සහතිකයක්

තමන් ඇතුළු සිය රාජ්‍යය ම එදිරිවාදී අමෙරිකාවට එරෙහිව උතුරු කොරියාවට සම්පූර්ණ සහාය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වූ අවස්ථාවේ දී යි.

මීට අමතරව රුසියාව සහ උතුරු කොරියාව අතර වෙළෙඳ සහ ආරක්ෂක පද්ධති ගොඩනැගීමට පොරොන්දුවක් ද වී තිබෙනවා.

කිම් ජොන්ගේ පාලනය සම්බන්ධයෙන් පුටින් සිය සගයා හට සුබාශිංසන එක් කළ බව ද සඳහන්.

අද (18) පුටින් උතුරු කොරියානු නිල සංචාරයට එක්වෙමිනුයි නායක කිම් ජොන් උන් හට මෙම පොරොන්දු ලබා දී ඇත්තේ.

යුක්‍රේන යුද්ධය ඇතිවීමේ සිදුවීම පිළිබඳ ව ද උතුරු කොරියාව සහ රුසියානු නායකයා අතර සාකච්ඡා පැවැත්වුණා.

රුසියානු නායකයා සහ උතුරු කොරියානු නායකයා අතර මෙම හමුව සෝල් අගනුවරදී සිදු වූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?