AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකානු උපලේකම්වරිය අද ජනපති හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඊයේ දිවයිනට පැමිණියා. පසුගිය දා ඇය දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් ආරම්භ කළ අතර බංග්ලාදේශ සංචාරය නිමවා ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව යි ශ්‍රී ලංකාවට පැමිණියේ.

නවදිල්ලි අගනුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 281 දරන යානයෙන් ඇයත් සමඟ ඇමරිකානු රජයේ තවත් උසස් නිලධාරීන් පස් දෙනෙකු ද පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ගුවන් තොටුපළට පැමිණ සිටියා.

මෙම සංචාරයේ දී ඇමරිකානු දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ හමුවීමට නියමිත යි.

එමෙන්ම ඇය කොළඹ වරායේ සංචාරයක යෙදී ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද නියමිත බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?