අමෙරිකානු උපලේකම්වරිය අද ජනපති හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඊයේ දිවයිනට පැමිණියා. පසුගිය දා ඇය දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් ආරම්භ කළ අතර බංග්ලාදේශ සංචාරය නිමවා ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව යි ශ්‍රී ලංකාවට පැමිණියේ.

නවදිල්ලි අගනුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 281 දරන යානයෙන් ඇයත් සමඟ ඇමරිකානු රජයේ තවත් උසස් නිලධාරීන් පස් දෙනෙකු ද පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ගුවන් තොටුපළට පැමිණ සිටියා.

මෙම සංචාරයේ දී ඇමරිකානු දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ හමුවීමට නියමිත යි.

එමෙන්ම ඇය කොළඹ වරායේ සංචාරයක යෙදී ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද නියමිත බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21
Video thumbnail
හිරේ දාන්න ඕනේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා
07:17
Video thumbnail
එරංගගේ කතාව අහපු අර්චුනාට නහුතෙට තදවෙයි
15:33
Video thumbnail
ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයට කොන්ද නවලා සමාව ගන්න වුණා - මේ ආණ්ඩුව බ# වෙච්ච විදිය දැක්කා
09:57
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින් - ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11