අමාත්‍යාංශවල විමර්ශන ඒකක පිහිටුවීමට අනුමැතිය

මේ වනවිට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දෛනිකව විශාල පැමිණිලි සංඛ්‍යාවක් නාමිකව සහ නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙන්ම, මහජන නියෝජිතයින් වෙත ද ලැබෙමින් පවතිනවා.

රජය කෙරෙහි පළ කළ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ අපේක්ෂිත ධනාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා එවැනි පැමිණිලි පිළිබඳව අපක්ෂපාතී මෙන්ම විද්‍යාත්මක කරුණු විමර්ශනයක් සිදු කළ යුතු වනවා.

ඒ, අනුව පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වී ඇති ආකාරය මෙන්ම, වත්මන් රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වන මහජන පැමිණිලි, කරුණු දැක්වීම් මෙන්ම විවිධ මූලාශ්‍රවලින් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට අමාත්‍යාංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ හෝ ප්‍රධානත්වයෙන් විමර්ශන ඒකක පිහිටුවීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47