මින්නේරිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී සිදුවූ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (06) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රොටවැව, ගල්ඔය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක අයෙක්.
මෙම පුද්ගලයාට යාබද නිවසක පදිංචිව සිටින තම සහෝදරියට ඇයගේ මන්ද මානසික රෝගී තත්වයෙන් සිටින පුත්‍රයා විසින් පහරදෙන බවට දැනගන්නට ලැබී තිබෙනවා.
පසුව ඒ පිළිබඳව සොයාබැලීම සඳහා සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේ සහෝදරියගේ එම පුත්‍රයා විසින් පොල්ලකින් ඔහුට පහරදී ඝාතනයකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ සැකකරුගේ මව හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



