සහල් හිඟය නිසා සම්බා සහ කීරි සම්බා ආනයනය කිරීමට අවසර

2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, 2026 මැයි මාසයේ සිට එම සහල් වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යාවත්කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙනවා.

ස්ථාවර මිලක් සහිතව සම්බා සහ කිරි සම්බාවලට වෙළෙඳ පොළෙහි පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ග වලට සමාන සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව වූ බව කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ අනුව, සම්බා සහ කිරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශක සේ සලකනු ලබන හා සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා සහ කිරී/ පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 1,040 ක උපරිම ප්‍රමාණයක් ඕනෑම ආනයනකරුවක් විසින් හෙට (01) දින සිට ලබන 30 වැනිදා දක්වා කාලසීමාව තුළ ආනයනය කිරීමටත්, එම සහල් තොගලබන මැයි මස 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත්, එකී සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01