අම්බලන්තොට පාලමක් මතින් කතක් වලවේ ගඟට පනී

අම්බලන්තොට ප්‍රදේශයේ පාලමක් මතින් කාන්තාවක් වලවේ ගඟට පැන ඇති බව වාර්තා වනවා.

අද (03) පෙරවරුවේ එම කාන්තාව මෙලෙස පාලමෙන් පැන ඇති අතර, එම අවස්ථාවේ අසළ සිටි බෝට්ටුකරුවෙකු විසින් ඇයව බේරාගෙන ඇති බවයි අම්බලන්තොට පොලිසිය සඳහන් කළේ.

පාලම මතින් වලවේ ගඟට පැන්න කාන්තාව මීටර් දෙසීයක් පමණ පහළට ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ ගඟ හරහා යාත්‍රා කළ ඔරුව සිටි අයෙක් කාන්තවගේ කෙස් වැටියෙන් අල්ලා ඇයව බේරාගැනීමට කටයුතුකර තිබෙනවා.

ජලයේ ගසාගෙන යන අවස්ථාවේ දී ඇයව බේරාගැනීමට ආධාරක කිහිපයක් ලබාදුන් නමුත් කාන්තාව විසින් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ බවයි බෝට්ටුවේ සිටි පිරිස පවසන්නේ.

කාන්තාව ගඟට පැන ඇති ස්ථානය කිඹුලන් ගහන ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්තේ අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කාන්තාව මෙලෙස ගඟට පැන්න හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

https://youtu.be/0D1FojkIGmw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?