අමරවීර, ලසන්ත හා දුමින්ද තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහි නිකුත් කළ වාරණය දිගු කෙරේ

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද (08) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝග නිකුත් කළා.

අදාළ පැමිණිලිවල වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තකා වෙනුවෙන් නීතිඥවරු අධිකරණයේ පෙනී සිටියා.

ඒ, අනුව නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දුන් අධිකරණය නඩුව නැවත ලබන 24 වනදා කැඳවන ලෙසත් නියම කළා

කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයේ තනතුරුවලින් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා අදාළ මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?