අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සාලියවැවින් හමුවෙයි (වීඩියෝ)

සාලියවැව, කුඹුක්වැව ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පසුගියදා රාත්‍රියේ නවගත්තේගම – කුඹුක්වැව ප්‍රධාන මාර්ගයේ සැකකටයුතු ලෙස නවතා තිබූ කැබ් රථයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බව සඳහන්.

පසුව සාලියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ සිදුකළ සොයා බැලීමකදී එම ස්ථානයේ සිට මීටර් 400ක් පමණ දුරින් තිබී අදාළ මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 වියැති පුද්ගලයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් අපරාධ විමර්ශන අංශය සාලියවැව පොලිස් ස්ථානය හා කරුවලගස්වැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://youtu.be/F3Hc90zzJtA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?