අභිරහස් ලෙස මියගිය පැල්මඩුල්ලේ නිතීඥවරියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත

පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක නිදියහනේ අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (31) සොයා ගත් නිතීඥවරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

එහි වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැල්මඩුල්ල අධිකරණයේ සේවයේ නියුතු 40 හැවිරිදි වියේ පසුවූ දුෂ්මන්ති අබේරත්න නැමැති නිතීඥවරිය නිවසේ ඇඳක් මත අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (31) උදෑසන සොයා ගැනුණා.

ඒ, එම නිවසේ සේවයට පැමිණෙන කාන්තාවක් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇයගේ සැමියා නිවසේ සිට නොමැති අතර, ඒ පසුදින රාත්‍රියේ සිට ප්‍රදේශයේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වී සිටිම හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට කැඳවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?