අභිරහස් ලෙස මියගිය පැල්මඩුල්ලේ නිතීඥවරියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත

පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක නිදියහනේ අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (31) සොයා ගත් නිතීඥවරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

එහි වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැල්මඩුල්ල අධිකරණයේ සේවයේ නියුතු 40 හැවිරිදි වියේ පසුවූ දුෂ්මන්ති අබේරත්න නැමැති නිතීඥවරිය නිවසේ ඇඳක් මත අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (31) උදෑසන සොයා ගැනුණා.

ඒ, එම නිවසේ සේවයට පැමිණෙන කාන්තාවක් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇයගේ සැමියා නිවසේ සිට නොමැති අතර, ඒ පසුදින රාත්‍රියේ සිට ප්‍රදේශයේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වී සිටිම හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට කැඳවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52