අභිරහසක් ඉතිරි කරමින් කැලෑවකින් කාන්තා මළ සිරුර මතු වෙයි

අලුත්ගම ඉහළ පුලියන්කුලම කැලෑබද ප්‍රදේශයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ සාලියවැව – අලුත්ගම ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදහන්ව ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත එම ප්‍රදේශයේ සිදුකළ සොදිසි කිරීමකදී ඇයගේ නිරුවත් මළසිරුර හමු වු බවය.

ඇය විසින් ගඩොල් කැපීම සිදුකරණ ස්ථානයට යාබද කැලෑවක තිබිදීයි ඊයේ (17) සවස ඇයගේ මළ සිරුර හමුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි අළුත්ගම ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තිබෙන බවත් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (18) දින සිදුකිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර හැටන් – දරවලවත්ත ප්‍රදේශයේ සිංගිමලේ වැවේ බැම්ම අසල පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ.

මියගොස් ඇති තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් සොයාගෙන නොමැති අතර ඔහු අවුරුදු 35ත් 40ත් අතර වයසක පසුවන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

එමෙන්ම තවත් සැකකටයුතු මරණයක් දෙහිඕවිට පුංචි කන්ද ප්‍රදේශයෙන් වාර්තා විය.

පුංචි කන්ද ප්‍රදේශයේ ගල් කටාරමක් තුළ තිබී එම මළ සිරුර හමු ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පුංචිකන්ද අටලුගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෙරේදා (16) සිට මෙම පුද්ගලයා අතුරුදන්ව සිටි බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59
Video thumbnail
පාස්කුවට සම්බන්ධ කාත් එක්කවත් අපිට ඩීල් නෑ
02:46
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31