AFC Banner
Empty Ad

අභිනව රජු සංවේදී වෙයි.. ඔටුනු පැළඳවීම කල් යයි

දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව එක්සත් රාජධානියේ රජු බවට පත්, තුන්වැනි චාල්ස් අද (10දා) බකිංහැම් මාලිගය වෙත පැමිණ ප්‍රථම ජාතිය ඇමතීම සිදුකර තිබෙනවා.

එහිදී සිය මවට උපහාර පුදකළ ඔහු ජනතා සේවය නොපිරිහෙලා සිදුකරන බවද කියා සිටියේය.

සිය බිරිඳ වන කැමිලා බිසව සමග බකිංහැම් මාලිගය වෙත පැමිණි චාල්ස් රජු, එහි ඉදිරිපිට සිය මව වෙනුවෙන් ජනතාව තබා තිබූ ශෝක පණිවුඩ කියවීමටද කාලයක් වෙන්කර ගත්තේය.

එහිදී, එම පණිවුඩ එකිනෙක කියවමින් ගිය රජු සංවේදී වූ අවස්ථා පැවති බව විදෙස් වාර්තා පෙන්වා දී තිබුණා..

තුන්වැනි චාල්ස් ලෙස අභිෂේකය ලැබූවද, ඔහුගේ සාම්ප්‍රදායික ඔටුනු පැලඳවීම තවත් කල්යනු ඇති බව කියැවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?