AFC Banner
AFC Banner
Empty Ad

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට (30) පෙරවරු 9ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ඒ අනුව පෙරවරු 8.45 වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි පැමිණීම අපේක්ෂා කරන බවයි මහලේකම්වරයා කියාසිටියේ.

පෙරවරු 9ට පමණ ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථය පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණීමට නියමිතයි.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් දේහය බාරගෙන, වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

දේහය පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා එහි තැන්පත් කර තැබෙන බවද මහ‍ ලේකම්වරයා සඳහන් කළා.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතයි.

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, තානාපති නිලධාරීන්ට මෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට, හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලට සහභාගීවන ලෙස මහ ලේකම්වරයා දැනුම් දෙනවා.

1941 සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 දක්වා කටයුතු කළා.

1964-1967 ජා-ඇල නගර සභාවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙස සක්‍රීය දේශපාලනයට එක්වූ ඒ මහතා පසුව 1967-1970 ජා-ඇල නගර සභාවේ උප සභාපති ලෙස පත් වී 1970-1971 ජා-ඇල නගර සභාවේ සභාපති හා 1971-1976 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා.

1976-1977 පළමු ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද 1978-1988 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කරනු ලැබුවා.

ඉන් අනතුරුව ජෝශප් මයිකල් පෙරේරා මහතා 1989 සිට 2015 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය, කම්කරු අමාත්‍ය, ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක්ද හොබවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?