අභ්‍යවකාශ ගමනට සැරසෙන ඉන්දියානුවා

ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගෲප් කපිතාන් ශුභාන්ෂු ශුක්ලා ලබන මාසයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය – ISS වෙත පියාසර කිරීමට නියමිතයි.

මධ්‍යම රජයේ අභ්‍යවකාශ හා තාක්ෂණ පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං මේ බව නිවේදනය කළා.

පසුගිය මාස අට තුළ නාසා ආයතනය සහ පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන Axiom Space සමඟ පුහුණුවීම්වල නිරතව සිටින ශුක්ලා, ISS වෙත පියාසර කරන්නේ පුද්ගලික වාණිජ මෙහෙයුමක් සඳහා යි.

ගෲප් කපිතාන්වරයාගේ වයස අවුරුදු 40 ක් වන අතර ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) මෙම මෙහෙයුම සඳහා තම ගගනගාමීන්ගෙන් ළාබාලතමයා තෝරාගෙන ඇත්තේ ඔහුට දිගු වෘත්තීය අනාගතයක් පිළිබඳ ඉඟි කරමින්.

අමාත්‍ය සිං පැවසුවේ මෙම මෙහෙයුම ඉන්දියානු ගගනගාමියෙකු විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කරන ලද ප්‍රථම සංචාරය සනිටුහන් කරන බවයි.

රාකේෂ් ෂර්මා 1984 සෝවියට් සෝයුස් අභ්‍යවකාශ යානයක පියාසර කිරීමෙන් දශක හතරකට වැඩි කාලයකට පසු අභ්‍යවකාශයට යන පළමු ඉන්දීය ගගනගාමියා ලෙස ගෲප් කපිතාන් ශුක්ලා ඉතිහාසයට එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34