අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන තීරණය සතියක් තුළ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් සිදුනොකිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ, ප්‍රතිඵල ප්‍රමාද වී ඇත්තේ ගුරු වර්ජනය නිසා නොව කොවිඩ් වසංගතය හේතුවෙන් බවය.

මේ වන විට රජය විසින් ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු එකතු නොකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ සුදානම් ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ අතර රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් පවතින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවය.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබාදීමට නියමිත බව ද උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබුණි.

වර්තමානයේ මතුව ඇති ගුරු – වැටුප් විෂමතා විසදීම පිළිබඳව සහ ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?