අපි තවත් සහන දෙනවා – මුදල් ඇමති බැසිල්

රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව වත්මන් රජයේ ක්‍රියා කලාපය නොවන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා.

ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපති,අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර,එය විසඳාලීමට කඩිනම් තීන්දු තීරණ ගෙන ඇති ද යන වගයි.

ඊට පිළිතුරු දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, තෙල් අර්බුදය මෙරට පාලනය විසින් ගොඩනැගූ දෙයක් නොවන අතර, කාලයෙන් කාලයට ලෝක විපර්යාසයන් මත අර්බුද හට ගන්නා බැවින් ඊට අප රටටත් මුහුණපෑමට සිදු වූ බවයි. කො

විඩ් වසංගතය සමග යුක්‍රේන සහ රුසියානු යුද අර්බුදය තෙල් මිල දෝලනය වීමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වයන් ඉක්මනින් සමනය කොට, තවදුරටත් සහන ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18