අපි ණය ගෙවලා පෙන්වන්නම් – බැසිල්

මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 138,000ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9) ණය මුදලක් ගෙවීමට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

එම ණය මුදල විධිමත් ව ගෙවීම සඳහා වත්මන් ආන්ඩුවට හැකියා ව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන් ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොර ව ගෙවා තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරියටත් එම ප්‍රතිපත්තිය ම අනුගමනය කරන බව යි ප්‍රකාශ කළේ.

ණය ගෙවන අතරවාරයේ ද ජනතාව වෙනුවෙන් සහන ලබාදීමත් සංවර්ධන කටයුතු ද අඛණ්ඩ ව පවත්වාගෙන යාමත් පිළිවෙළකට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?