spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපිට ගමට යන්න සල්ලි කීයක් හරි දෙන්න

තම තමන්ගේ දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා විමධ්‍යගත අරමුදල් කඩිනමින් දෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉකුත්දා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන් වෙනවා.

මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස ලැබුණු නමුත් මේ වසරේ එය තවමත් ලැබී නැති බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමට බරපතළ ගැටලුවක් වී ඇතැයිද එම මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇත.

ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන් සංවර්ධන කටයුතු කිරීමට අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගන්නා නමුත්,විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

ආර්ථික තත්වය අනුව මේ වසරේ විමධ්‍යගත අරමුදල් ලබා දිය නොහැකි බවත්,ආදායම් මට්ටම සතුටු දායක වුවහොත් ලබන වසරේ දී එය ලබාදීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?