AFC Banner
Empty Ad
Empty Ad

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

එහි සාක්ෂි විමසීම පසුගියදා අවසන් විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය.

එහි සභාපති විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් කොමිෂන් සභාවේ විනිසුරු මඩුල්ලෙ සෙසු සාමාජිකයන් වේ.

කොමිසමෙ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණේ 2019 වසරේ ඔක්තෝබර් 31 වැනිදායි.

එදින සිට දින 214 ක් රැස් වූ කොමිෂන් සභාව සාක්ෂිකරුවන් 457 දෙනකුගෙන් අවස්ථා 640කදී සාක්ෂි විමසා තිබේ.

ඊට අමතරව විමර්ශනයට සහය වූ නීතිපති දෙපාර්තමේන්තුව කොමිෂන් සභාව වෙත ආධාරක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති ලේඛන සංඛ්‍යාව 2230 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?