අප්‍රිකාවට දුවන්න දෙන සැලසුම ගැන සිංහ නායක දසුන් හෙළි කරයි

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද (30) තරගවදින අතර දෙපිලම මේ දක්වා සහභාගී වු තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගෙන තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකානු කණ්ඩායම සාජා ක්‍රීඩාංගනයේදී 20යි 20 තරගයක් සඳහා සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සාජා ක්‍රීඩාංගනයේදී විස්සයි විස්ස තරග 2කට ක්‍රීඩා කරමින් තරග දෙකම ජය ගැනීමට සමත්ව තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කිරීමේ ඇති සූදානම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙලෙස පැහැදිලි කළා.

“තරග රැසක් ක්‍රීඩා කරලා එක තරගයකදී පිතිකරුවන්ගේ අතපසුවීම් වෙන්න පුළුවන්. පිතිකරුවන් ලෙස අපි කළයුතු දේ සාකච්ඡා කළා. ඒ අනුව අපි සැලසුමක් හැදුවා. සුදුසුම දේ කරනවා. කණ්ඩායමේ ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තුවක් නෑ. අදහසක් තියෙනවා දඟපන්දු යවන්නෙක් ගැන. නමුත් සාජා එකේ වේගපන්දු යවන්නන්ට උචිත තත්ත්වයක් තමයි දකින්නේ.”

අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ දක්වා ශ්‍රී ලංකව සහ දකුණු අප්‍රිකාව අතර ජාත්‍යන්තර 20යි 20 තරග 16ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක් දකුණු අප්‍රිකාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 5ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?