අප්‍රිකාවට දුවන්න දෙන සැලසුම ගැන සිංහ නායක දසුන් හෙළි කරයි

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද (30) තරගවදින අතර දෙපිලම මේ දක්වා සහභාගී වු තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගෙන තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකානු කණ්ඩායම සාජා ක්‍රීඩාංගනයේදී 20යි 20 තරගයක් සඳහා සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සාජා ක්‍රීඩාංගනයේදී විස්සයි විස්ස තරග 2කට ක්‍රීඩා කරමින් තරග දෙකම ජය ගැනීමට සමත්ව තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කිරීමේ ඇති සූදානම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙලෙස පැහැදිලි කළා.

“තරග රැසක් ක්‍රීඩා කරලා එක තරගයකදී පිතිකරුවන්ගේ අතපසුවීම් වෙන්න පුළුවන්. පිතිකරුවන් ලෙස අපි කළයුතු දේ සාකච්ඡා කළා. ඒ අනුව අපි සැලසුමක් හැදුවා. සුදුසුම දේ කරනවා. කණ්ඩායමේ ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තුවක් නෑ. අදහසක් තියෙනවා දඟපන්දු යවන්නෙක් ගැන. නමුත් සාජා එකේ වේගපන්දු යවන්නන්ට උචිත තත්ත්වයක් තමයි දකින්නේ.”

අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ දක්වා ශ්‍රී ලංකව සහ දකුණු අප්‍රිකාව අතර ජාත්‍යන්තර 20යි 20 තරග 16ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක් දකුණු අප්‍රිකාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 5ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26