අළුත්ගම – විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් සඳහා වසා තැබෙන බව දුම්රිය සේවය පවසයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම – විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය එලෙස අලුත්වැඩියා කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අප්‍රේල් මස 02 සහ 03 පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වාත් අප්‍රේල් 04 පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙන බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




