ජල සැපයුම අත්හිටුවන කොළඹ අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා බවුසර් මගින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
උත්සව සමයේ දී එනම් අප්‍රේල් 11 වන දින සිට 15 වන දින දක්වා ජල සැපයුම අත්හිටුවීමක් සිදුනොවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඊයේ (02) සිට 10 වනදා දක්වා කාලසටහන් ක්‍රමයක් ඔස්සේ ජලය සැපයීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කළා.
ඒ, අනුව අද (03) රාත්‍රී 08.00 සිට හෙට (04) රාත්‍රී 08.00 දක්වා හෝමාගමට ජල කප්පාදුව සිදු වෙනවා.
මේ අතර බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත හා නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රි 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය 03ක කාලයක් ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන බවයි ජලසම්පාදන මණ්ඩලය දැනුම් දුන්නේ.













