අපස්මාරය නිසා ඇප ඉල්ලූ ගම්පහ Crime OICහට අදත් ඇප නැහැ

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (6) නියෝග කළා.

සිද්ධියට අදාලව සැකකරු සේවය කරන ලද ගම්පහ පොලිස් ස්ථානයේ පහළ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සැකකරුට ඇප ලබා දුන්නහොත් ප්‍රකාශ ලබා ගැනීමට සිටින සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බවයි.

තවද මෙම සැකකරු මෙවැනි ලෙස වෙනත් පුද්ගලයන්ගෙන් අල්ලස් ලබා ගැනීම් සම්බන්ධවද පැමිණිලි ලැබීමට තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ජා – ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සිදුකළ වැටලීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා .

වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ පැමිණිලිකරු මිලදී ගෙන ඇති බවත්, එම සොර බඩු සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු නොකර සිටීමට සහ අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රු. 300,000/- ක මුදලක් හා රන් පවුම් තුන් කාලක ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 250,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකාර පොලිස් නිලධාරියා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් කරුණු ඉදිරිපත් කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවත් අනෙක් අනෙක් දරුවා පෙබරවාරි මස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් සඳහන් කළා.

තවද සැකකරු අපස්මාරය නැමැති රෝගීයෙන් පෙළෙන හෙයින් සුදුසු කොන්දේසියක් මත ඇප ලබා දෙන නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරුට ඇප ලබා දීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිසාත් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවේ දින වෙනස් කර තිබීම සහ සැකකරු සේවය කරන ලද පොලිස් ස්ථානයේ පහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන නිසාත් සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනවා ” යනුවෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් මෙම සැකකරු සම්බන්ධ ඇප ඉල්ලීම ඉදිරි දින අදාළ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් නීතිඥවරයා දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08