අපරාධ කිහිපයක් ගැන තොරතුරු හෙළිවෙයි – හමුදා නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ඇතුලු වී නිවැසියන්ට පහරදීම සහ තවත් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 12 වනදායි සැකකරුවන් බන්ධනාගාර නියාමකවරයාගේ නිවසට ඇතුලු වී නිවැසියන් බිය ගන්වා ගිනි අවියකින් සහ අතින් පයින් පහරදී තර්ජනය කර පළාගොස් තිබුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව පෙරේදා (28) නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ ලැගුම්හලක සිටියදී මෙම සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අංකය මකා දමන ලද T56 ගිනි අවියක්, එම පතොරම් 30ක් සහිත මැගසිනයක්, අවියට යොදන තවත් පතොරම් 108ක්, පිස්තෝල අවි දෙකක්, එහි මැගසින් 3ක් සහ එම අවියට යොදන පතොරම් 296ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුවන් දෙදෙනා බියගම සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 36 සහ 39 වයස්වල පසුවන දෙදෙනෙක්.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රධාන සැකකරුට නීති විරෝධීව ගිනි අවි සන්තකයේ තබා ගැනීම, මනුෂ්‍ය ඝාතන සඳහා ආධාර අනුබල දීම, නිවසකට අයුතු ලෙසට ඇතුළු වී ගිනි අවි පෙන්වා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

අනෙක් සැකකරු රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක දැනට සේවයේ යෙදී සිටින බියගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කපිතාන්වරයෙකු වන අතර ඔහු නීති විරෝධී ගිනි අවි සහ පතොරම් සන්තකයේ තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති T56 ගිනි අවිය ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත පසුගිය 20 වනදා හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය බවට ද සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26