අපරාධ කල්ලි සාමාජික අහුන්ගල්ලේ ඩිල්ෂාන්ගේ ගෝලයෝ අවිත් එක්ක අත්අඩංගුවට

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘අහුන්ගල්ලේ ඩිල්ෂාන්’ සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ “කැප්පෙටිගහලන්ද බෝලේ “ඇතුළු තවත් අයෙකු ජීව උණ්ඩ 13ක් සහ තියුණු ආයුධ දෙකක් සමග කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ සඟවා තිබූ මිලිමීටර් 9 ගිනිඅවියට යොදන උණ්ඩ 13ක් සහ තියුණු ආයුධ දෙක සොයා ගැනුණා.

ඔහුගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේ දී සහ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අලුත්ගම දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 26 පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුණු බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී විවිධ අපරාධවලට යොදාගත් බවට සැක කෙරෙන ත්‍රීවිල් රථයක් සහ අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ලද එන්ජින් අංක මකා දමා තිබූ තවත් යතුරුපැදියක් සොයා ගත්තා.

මෙම ත්‍රීවිල් රථය සහ යතුරුපැදිය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳ ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

යතුරුපැදිය සහ ත්‍රිවිල් රථය සමග අත්අඩංගුවට ගත් වයස අවුරුදු 26ක් වන පුද්ගලයාට මේ වන විට වරෙන්තු දෙකක් සහ නඩු හතක් විවිධ අධිකරණවලින් ක්‍රියාත්මක බව ද කළුතර අපරාධ කොට්ඨාසය කියා සිටිනවා.

සැකකරුවන් මේ වන විට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?