AFC Banner
AFC Banner
Empty Ad

අනුර කුමාර පර්ත් නුවර බිම් මල් නිෂ්පාදන ආයතනයක නිරීක්ෂණයකට එක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පර්ත් නුවර සංචාරය අතරතුර ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක දැවැන්ත බිම්මල් නිෂ්පාදන ආයතනයක නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.

අනුර කුමාර දිසානායක සමග පක්ෂයේ ජාතික විධායක සභික ධම්මික පටබැඳි පර්ත් සංචාරයට එක්ව සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත පුරා විහිදුණු විශාල කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක් වන කොස්තා ව්‍යාපාර ජාලය මගින් සිදු කරනු ලබන බිම්මල් නිෂ්පාදන ආයතනයක නිරීක්ෂණයටයි ඔවුන් මෙලෙස එක්වී ඇත්තේ.

පර්ත් හි පිහිටා ඇති කොස්තා බිම්මල් ගොවිපොළ ප්‍රධාන තැනක් ගනු ලබන්නේ එය බටහිර ඕස්ට්‍රේලියාව තුල එදිනෙදා බිම්මල් අවශ්‍යතාවයෙන් 80%ටත් වඩා ප්‍රමාණයක් වෙළදපොලට සපයන බැවින්.

ඔවුන්ගේ සතියක බිම්මල් නිෂ්පාදන ධාරිතාව ටොන් 80-90ක්‌ තරම් ඉහල අගයක් ගන්නා බව සඳහන්.

විශාල යන්ත්‍ර යොදා ගනිමින් තිරිඟුවල ශාකමය කොටස්, කුකුල් පොහොර සහ ජිප්සම් මිශ්‍ර කර සාදා ගන්නා වගා මිශ්‍රණයක බිම්මල් බීජ පැළ කරන අතර වසර පුරා අඛණ්ඩ නිෂ්පාදනයක්‌ පවත්වා ගැනීමට හා ගුණාත්මක බවින් ඉහළ බිම්මල් නිෂ්පාදනය කිරීමට මෙහිදී යොදා ගන්නේ ඉතා දියුණු තාක්ෂණික ක්‍රම වේදයක්.

එමගින් සියලු පරිසර තත්ව කෘතීමව පාලනය කර බිම්මල් හොදින් වර්ධනය වීමට සුදුසු පරිසයක් නිර්මාණය කරනු ලබනවා.

පර්ත් සංචාරය අතරතුර මෙම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මෙහි වගා මාධ්‍ය සැකසීමේ සිට වෙළදපොලට නිකුත් කිරීම දක්වා වූ සියළුම නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගෙන තිබෙනවා.

එහිදී යොදාගන්නා දියුණු තාක්ෂණික උපකරණ, යන්ත්‍ර සුත්‍ර සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ වැඩි අවදානයක් යොමු වුයේ එය ශ්‍රී ලංකාව තුල ඉතා පහසුවෙන් ස්ථාපිත කළහැකි ව්‍යාපෘතියක් වීම හේතුවෙන් බවයි පක්ෂය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?