අනුර කුමාර පර්ත් නුවර බිම් මල් නිෂ්පාදන ආයතනයක නිරීක්ෂණයකට එක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පර්ත් නුවර සංචාරය අතරතුර ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක දැවැන්ත බිම්මල් නිෂ්පාදන ආයතනයක නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.

අනුර කුමාර දිසානායක සමග පක්ෂයේ ජාතික විධායක සභික ධම්මික පටබැඳි පර්ත් සංචාරයට එක්ව සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත පුරා විහිදුණු විශාල කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක් වන කොස්තා ව්‍යාපාර ජාලය මගින් සිදු කරනු ලබන බිම්මල් නිෂ්පාදන ආයතනයක නිරීක්ෂණයටයි ඔවුන් මෙලෙස එක්වී ඇත්තේ.

පර්ත් හි පිහිටා ඇති කොස්තා බිම්මල් ගොවිපොළ ප්‍රධාන තැනක් ගනු ලබන්නේ එය බටහිර ඕස්ට්‍රේලියාව තුල එදිනෙදා බිම්මල් අවශ්‍යතාවයෙන් 80%ටත් වඩා ප්‍රමාණයක් වෙළදපොලට සපයන බැවින්.

ඔවුන්ගේ සතියක බිම්මල් නිෂ්පාදන ධාරිතාව ටොන් 80-90ක්‌ තරම් ඉහල අගයක් ගන්නා බව සඳහන්.

විශාල යන්ත්‍ර යොදා ගනිමින් තිරිඟුවල ශාකමය කොටස්, කුකුල් පොහොර සහ ජිප්සම් මිශ්‍ර කර සාදා ගන්නා වගා මිශ්‍රණයක බිම්මල් බීජ පැළ කරන අතර වසර පුරා අඛණ්ඩ නිෂ්පාදනයක්‌ පවත්වා ගැනීමට හා ගුණාත්මක බවින් ඉහළ බිම්මල් නිෂ්පාදනය කිරීමට මෙහිදී යොදා ගන්නේ ඉතා දියුණු තාක්ෂණික ක්‍රම වේදයක්.

එමගින් සියලු පරිසර තත්ව කෘතීමව පාලනය කර බිම්මල් හොදින් වර්ධනය වීමට සුදුසු පරිසයක් නිර්මාණය කරනු ලබනවා.

පර්ත් සංචාරය අතරතුර මෙම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මෙහි වගා මාධ්‍ය සැකසීමේ සිට වෙළදපොලට නිකුත් කිරීම දක්වා වූ සියළුම නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගෙන තිබෙනවා.

එහිදී යොදාගන්නා දියුණු තාක්ෂණික උපකරණ, යන්ත්‍ර සුත්‍ර සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ වැඩි අවදානයක් යොමු වුයේ එය ශ්‍රී ලංකාව තුල ඉතා පහසුවෙන් ස්ථාපිත කළහැකි ව්‍යාපෘතියක් වීම හේතුවෙන් බවයි පක්ෂය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14