අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ අතර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩු විභාගය සිදුවන අවස්ථාවේ දී විත්ති කූඩුව අසළ අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන්ට රැඳී සිටීම මෙම නඩු විභාගේ පරීක්ෂණවලට බාධාවක් බව රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් ප්‍රධාන මහේස්ත්‍රතවරයා වෙත ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවා.

එම අවස්ථාව වන විටත් එතැන රැඳී සිටි අනුරාධපුර බන්ධනාගාර නිලධාරියෙක් විසින් මහේස්ත්‍රාත්වරයාට කියා සිටියේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් අද (13) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින්, ආරක්ෂාව සඳහා තම නිලධාරින් එම භූමියේ රැඳී සිටින බවයි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රකාශයෙන් පසු බන්ධනාගාර අධිකාරිවරයා සිටි විත්ති කූඩුව අසලින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරින් ඉවත්ව බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන් පමණක් රැඳී සිටිනු දක්නට ලැබුණු බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

බන්ධනාගාර රැඳවියෙක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47