අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 11 දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
ඒ, ඔහුව අද (09) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර; අනුරාධපුර මහාධිකරණය විසින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ චෝදනාවට අදාළව ඔහුව ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර අධිකාරිවරයා අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබුණා.















