AFC Banner
AFC Banner
Empty Ad

අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත වෙයි (ඡායාරූප)

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

පැයට කිලෝමීටර් 100ක වේගයක් සහිතව දුම්රිය ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි නවීකරණය කරන ලද මාර්ගයේ ධාවන යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා M11 වර්ගයේ දුම්රිය එන්ජිමක් සහ වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී නවීන මැදිරි කට්ටලයක් මෙම ධාවනය සඳහා එක්කර තිබබූ බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයා දුර්ලභ “පඬු කරඳ” ශාකයක් ද රෝපණය කරනු ලැබුවා.

නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්‍යයෙහි සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට ඕමන්ත දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුරය – ඕමන්ත අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා තැබීමට පියවර ගනු ලැබුවා.

ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබෙනවා.

මෙම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමත් සමග කොළඹ කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මහව සහ අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර එම කාලය තුළ කොටුව සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?