අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත වෙයි (ඡායාරූප)

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

පැයට කිලෝමීටර් 100ක වේගයක් සහිතව දුම්රිය ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි නවීකරණය කරන ලද මාර්ගයේ ධාවන යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා M11 වර්ගයේ දුම්රිය එන්ජිමක් සහ වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී නවීන මැදිරි කට්ටලයක් මෙම ධාවනය සඳහා එක්කර තිබබූ බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයා දුර්ලභ “පඬු කරඳ” ශාකයක් ද රෝපණය කරනු ලැබුවා.

නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්‍යයෙහි සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට ඕමන්ත දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුරය – ඕමන්ත අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා තැබීමට පියවර ගනු ලැබුවා.

ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබෙනවා.

මෙම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමත් සමග කොළඹ කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මහව සහ අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර එම කාලය තුළ කොටුව සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48