Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අය වැයෙන් ඉංනේරුවරුන් නොසළකා හැර ඇති බවට රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයෙන් චෝදනා

රජය විසින් ඉදිරිපත් කර ඇති 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබෙන අය වැය මගින් ඉංජිනේරුවරුන් නොසළකා හැර ඇති බවට රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයෙන් චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයෙන් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

රජය දැවැන්ත මුදලක් ඉදිරි වර්ෂය සදහා අය වැයෙන් වෙන් කරලා තිබෙන නමුත්, මෙහෙම විශාල මුදලක් වැයකරනකොට එහි ඉංජිනේරුවන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක් බව ඔවුන් චෝදනා කරනවා.

ඒ වගේම තමන්ගේ වෘත්තිය ප්‍රශ්න සහ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා නොමැති බවත්, ඒ නිසා තම සංගමය අද ලෙඩ නිවාඩු දාලා වර්ජනයක් ප්‍රකාශ කර තිබෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

ඉංජිනේරුවන් කියන්නේ රටේ සුවිශේෂී කණ්ඩායමක් බවට අවධාරණය කරන ඔවුන්, තම වෘත්තියේ වැටුප් සම්බන්ධයෙන් වූ ගැටලුව නිරාකරණය කල යුතු බවටත්, මෙවර ඉදිරිපත් කර තිබෙන අය වැය තුළින් තමන්ට කිසිම සහනයක් නොමැති බවටත්, දිරි දීමනාවක් ලබාදී නොමැති බවටත් ඔවුන් චෝදනා කරනවා.

එම නිසා ඉංජිනේරුවරුන් දිරිමත් නොකලොත් මේ ඔවුන් රට හැර යෑමෙ වාතාවරණයක් ඇති විය හැකි බවටත්, ජනතා හිතවාදී සංවර්ධනයක් සඳහා දායක වෙන්න තමන් සූදානම් නමුත් පහසුකම් නොමැතිව මෙවැනි තාක්ෂණික සේවාවන් කාර්යක්ෂම කරන්න නොහැකි බවටත් ඔවුන් පෙන්වා දෙනවා.

ඒ වගේම එය වියදමකට වඩා ආයෝජනයක් බවත් ඒ නිසා තම වැටුප් සම්බන්ධයෙන් ඉල්ලීම් ලබා දෙන්න යැයි ඔවුන් තවදුරටත් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්