අනුරගේ අත්සනින් යුතුව සැරිසරන ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයෙන් නියෝගයක්

ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට අද (04) නියෝග කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි.

ඉකුත් 24 වැනි දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී ජාතික ජන බලවේගය සංවිධායකත්වයෙන් පවත්වන ලද සඟ සමුළුවක දී කිසිදු ආගමකට එම රජය යටතේ ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවට හා සියලු ආගම් එම රජයෙන් වෙන් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්මත කරගෙන ඇති බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා තම අංශය වෙත පැමිණිලි කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා තිබෙනවා.

එසේ සම්මත කරගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් සියලුම මාධ්‍ය ප්‍රධානීන්ට හා මාධ්‍ය ආයතනවල කතුවරුන්ට යොමු කර ඇති බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්මත කරගත් බවට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර දී විකාශය වූ බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිලධාරීහු අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට එම නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
8
+1
63
+1
5
+1
4
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?