Empty Ad
AFC Banner
Empty Ad

අනියම් පෙම මඟහැර සිටි නීතිඥවරියකට පිහි ප්‍රහාරයක්

නීතිඥවරියකට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසු වූ හිටපු හමුදා සෙබළෙක්.

මෙම පුද්ගලයා නීතිඥවරිය සමඟ කලක සිට අනියම් ප්‍රේම සම්බන්දයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය මෑතකදී ඔහු මඟහැර සිටීම හේතුවෙන් ඊට කෝපයට පත්ව අද (23) සවස ඇය පානදුර දුම්රියෙන් බැස නිවසකරා යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයෙන් නීතිඥවරියගේ පිටට සහ අතකට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි පොලිස් රථවාහන අංශ නිළධාරීයෙක් ද සුළු කැපුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
6
+1
24
+1
7
+1
7
+1
10
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
11:13
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09

?