මාතර – පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අලුත්වැඩියා නොකළ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය කඩිනමින් අලුත්වැඩියාව ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.


















What is happening with Sunil Hadunnetti,
The cricket board is a corrupted organisation, why are you holding meetings with the chairman, what was the purpose of parliament debating a whole day of the corrupted officials and the cricket board, using board money for the relatives to travel for matches and these were the findings by the cope committee.
Shame on NPP