තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමේ කාලයේ දීර්ඝ කිරීමක් නැහැ – මැතිවරණ කොමිසම

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමේ දිනය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළා.

ඒ, අනුව මුල් අවස්ථාවේ නාමයෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 සඳහා තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමට මාර්තු 17 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය ලබා දී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම පසුව නාමයෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 03 සඳහා ලබන 19 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී විභාග අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන අයුරින් තම මැතිවරණ කටයුතු සිදුකරගෙන යන ලෙසයි නාමයෝජනා භාර දී ඇති මැතිවරණ අපේක්ෂකයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටියේ.

එමෙන්ම ලබන 20 වනදා නාමයෝජනා භාරදීමේ කාලසීමාව අවසන් වීමෙන් පසු කිසිඳු පෙළපාලියක් හෝ රැස්වීම් පැවැත්වීමට නීතියෙන් අවසර නොලැබෙන බව ද ඔහු අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17